ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් 23න් පහළ කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් ඊයේ (27) පැවැත්වුණා.
එම තරගය පැවැත්වුනේ 2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාව සහ ප්‍රංශය අතර තියුණු තරගයක් ක්‍රියාත්මක වූ කටාර් දේශයේ Lusail පාපන්දු ක්‍රීඩාංගණයෙදීයි.
කටාර් ක්‍රීඩකයින් විසින් තරගයේ පළමු අර්ධය තුළ ගෝල 01 – 00 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.
නමුත් දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාට හිමි වූ දඩුවම් පහර රාහුල් සුරේශ් විසින් සාර්ථක කරගැනීමත් සමඟ 01 – 01 ක් ලෙස ගෝල සංඛ්‍යාව සම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.
ඒ අනුව තරගය අවසන් වුණේ ජය පරාජයකින් තොරව ගෝල 01 – 01 ක් ලෙස සම වෙමිනුයි.
මෙවැනි සුවිශේෂී ක්‍රීඩාංගණයක තරගවදිමින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 53වන ස්ථානයේ රැඳී සිටින කටාර් වැනි පාපන්දු කණ්ඩායමක යොවුන් කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් තරගයක් සමකර ගැනීම විශිෂ්ඨ අවස්ථාවක් බවයි පැවසෙන්නේ.
මීට පෙර අවසන්වරට කටාර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පැවති 23න් පහළ පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි වුණා.















