ඉතිහාසගත වූ ක්‍රීඩාංගණයේ මෙරට යොවුන් ක්‍රීඩකයින් තියුණු තරගයක

ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් 23න් පහළ කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් ඊයේ (27) පැවැත්වුණා.

එම තරගය පැවැත්වුනේ 2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ආජන්ටිනාව සහ ප්‍රංශය අතර තියුණු තරගයක් ක්‍රියාත්මක වූ කටාර් දේශයේ Lusail පාපන්දු ක්‍රීඩාංගණයෙදීයි.

කටාර් ක්‍රීඩකයින් විසින් තරගයේ පළමු අර්ධය තුළ ගෝල 01 – 00 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා.

නමුත් දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාට හිමි වූ දඩුවම් පහර රාහුල් සුරේශ් විසින් සාර්ථක කරගැනීමත් සමඟ 01 – 01 ක් ලෙස ගෝල සංඛ්‍යාව සම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

ඒ අනුව තරගය අවසන් වුණේ ජය පරාජයකින් තොරව ගෝල 01 – 01 ක් ලෙස සම වෙමිනුයි.

මෙවැනි සුවිශේෂී ක්‍රීඩාංගණයක තරගවදිමින් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 53වන ස්ථානයේ රැඳී සිටින කටාර් වැනි පාපන්දු කණ්ඩායමක යොවුන් කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමක් තරගයක් සමකර ගැනීම විශිෂ්ඨ අවස්ථාවක් බවයි පැවසෙන්නේ.

මීට පෙර අවසන්වරට කටාර් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර පැවති 23න් පහළ පාපන්දු තරගයේදී ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40