බොරලැස්ගමුව වෙඩි තැබීමේ වෙඩික්කරු නාවින්නෙන් අල්ලයි

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරු ඊයේ (25) දහවල් මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550ක් ද සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 24ක කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 24 වනදා අලුයම් කාලයේ බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ දී පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා වයස අවුරුදු 21ක තරුණයෙක් ඝාතනය කර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?