බොරලැස්ගමුව වෙඩි තැබීමේ වෙඩික්කරු නාවින්නෙන් අල්ලයි

බොරලැස්ගමුව පොලිස් වසමේ මාලනී බුලත්සිංහල මාවතේ දී වෙඩි තබා තරුණයෙක් ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විමර්ශනවල දී මෙම සැකකරු ඊයේ (25) දහවල් මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550ක් ද සොයාගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 24ක කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 24 වනදා අලුයම් කාලයේ බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ දී පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා වයස අවුරුදු 21ක තරුණයෙක් ඝාතනය කර තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෑන් එකේ අංකල් දොර බාගෙට ඇරගෙන ළමයින්ට දෙන ආරක්ෂාව
00:59
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු
01:10
Video thumbnail
මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය
00:21
Video thumbnail
විශ්වාසභංග ගේන්නේ දිනන්න නෙමෙයි - බලෂක්ති ඇමතිට යන්න වුණානේ
04:16
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ බිහිසුණු ගින්න
01:05
Video thumbnail
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කිරීමට නියෝගයක්
02:23
Video thumbnail
පෞද්ගලික ගබඩාවකින් කොටුවූ පොහොර ගැන නලින්ද හෙළිකරයි - පුද්ගලයන් 9ක් අත්අඩංගුවට ගත්තා
01:30
Video thumbnail
මිනිස්සු හාමතේ මැ#නකොට අපිට බලාගෙන ඉන්න බැරිවුණා
09:08
Video thumbnail
5ස් දෙනෙක් එළොව යැවූ හෝමාගම ගින්නේ නොදුටු දර්ශන පෙළක් - ආරක්ෂක අංශත් ඇවිත්
03:50
Video thumbnail
රටේ බහුතරයක් දිව්‍යලෝකෙට යවලා තමයි මේ ආණ්ඩුව ගෙදර යන්නේ
07:10