වෙඩි තැබීමේ යොවුන් ශූරයන් මව්බිමට

2025 බාලි විවෘත ප්‍රායෝගික පිස්තෝල සහ කාබයින තුවක්කු වෙඩි තැබීමේ ශූරතා තරගාවලියේ දී රිදී පදක්කම් 03 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට මෙරට නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමත් වුණා.

රටවල් 12 ක වෙඩි තැබීමේ තරගකරුවන් 450කගේ සහභාගීත්වයෙන් ඉකුත් 18වන දින සිට 23 දින දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී මෙම තරගාවලිය පැවැත්වුණා.

තරගාවලියට කනිෂ්ඨ අංශයෙන් සහභාගී වූ 12 හැවිරිදි කායෙල් ලියනගේ කාබයින තුවක්කු අංශයෙන් රිදී පදක්කමක් ද , 16 හැවිරිදි රයෙල් ලියනගේ පිස්තෝල අංශයෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර 13 හැවිරිදි ඩැනියෙල් කාවෝ පිස්තෝල අංශයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

තරගාවලියට ජ්‍යෙෂ්ඨ අංශයෙන් ඉදිරි පත් වූ විශ්‍රාමික ලුතිනන් කර්නල් ජනක රිටිගහපොළ පිස්තෝල අංශයෙන් රිදී පදක්කමක් මෙරටට හිමි කර දුන්නා.

අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58