පරිසර හිතකාමී නව මෘත ශරීර බහාලනයක්

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මගින් පරිසර හිතකාමී  මෘත ශරීර බහාලනයක් (කාඩ්බෝඩ් වලින් නිපදවන ලද මිනී පෙට්ටියක්) හඳුන්වා දීම අද අත්තිඩිය සුසාන භූමියේදී සිදු කෙරුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ  ප්‍රථම වතාවට කොවිඩ් වැළඳී මියගිය පුද්ගලයකුගේ  මෘත ශරීරයක්  කොහුවල පොදු සුසාන භූමියේදී ආදාහනය කලා.

මෙම කාඩ්බෝඩ් මිනීපෙට්ටිය හඳුන්වාදීම සිදු කෙරුනේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත්  අත්තිඩිය අවමංගල්‍ය උත්සව ශාලාවේදීයි.මෙහිදී අදහස් දැක්වු දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස් කියා සිටියේ කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් ආදාහනය කිරීම මේත් සමගම රුපියල් 10,000 සිදු කිරීමට හැකි වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?