තවත් පාර්ශ්වයක් එන්නත ඉල්ලා වර්ජනයකට සැරසෙයි

පසුගිය දිනවල උග්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්වූ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ වැඩිහිටි නිවාස 11ක වැඩිහිටියන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද (25) සිදු වුණි.

සෞඛ්‍ය බලධාරීන් එම වැඩිහිටි නිවාස වෙත ගොස් වැඩිහිටියන් 233 දෙනෙකුට එන්නත ලබාදීම සිදු කළේය.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමත් අද සිදුවිය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට නොහැකි වූ රෝහල් කාර්යමණ්ඩලයේ 500 දෙනෙකුට මෙම එන්නත ලබා දුන් බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා පැවසීය.

මේ අතර ඉහළ අවදානමක් සහිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ප්‍රමුඛතාව ලබානොදී වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කොවිඩ් එන්නත ලබාදීම පිළිබඳ තවමත් බොහෝ පාර්ශ්ව සිය විරෝධය පළ කරමින් සිටී.

මේ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මීට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බව නිවේදනය කළ ද එම තීරණය අවලංගු කළ බව පසුව පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට නොගිය ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය සහ පාරිභෝගික සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ට කොවිඩ් එන්නත ලබා නොදුනහොත් කඩිනමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09