මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නම් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම කාන්තාව අද (11) උදෑසන 7.30ට පමණ අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.
එහිදී එම කාන්තාව දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.
මෙලෙස දියේ ගිලී අතුරුදන් වූ 48 හැවිරිදි වියට්නාම් ජාතික කාන්තාවගේ මෘත දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩගසා තිබිය දී හමු වූ බවයි බෙන්තර පොලිසිය සඳහන් කළේ.
මෙම කාන්තාව ඇතුළු කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රී මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයට කණ්ඩායමක් වශයෙන් පැමිණ තිබෙනවා.
ඔවුන් අද උදෑසන මොරගල්ල වෙරළ තීරයේ සංචාරය කරමින් සිටිය දී මෙම කාන්තාව දියට බැස විනෝද වී ඇති අතර, එකවරම ඇය දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




