මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදෙස් කතක් දියේ ගිලී ජීවිතක්ෂයට

මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය වියට්නම් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම කාන්තාව අද (11) උදෑසන 7.30ට පමණ අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී එම කාන්තාව දියවැලකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලී අතුරුදන් වූ 48 හැවිරිදි වියට්නාම් ජාතික කාන්තාවගේ මෘත දේහය බෙන්තර වෙරළ තීරයට ගොඩගසා තිබිය දී හමු වූ බවයි බෙන්තර පොලිසිය සඳහන් කළේ.

මෙම කාන්තාව ඇතුළු කණ්ඩායමක් ඊයේ (10) රාත්‍රී මොරගල්ල ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයට කණ්ඩායමක් වශයෙන් පැමිණ තිබෙනවා.

ඔවුන් අද උදෑසන මොරගල්ල වෙරළ තීරයේ සංචාරය කරමින් සිටිය දී මෙම කාන්තාව දියට බැස විනෝද වී ඇති අතර, එකවරම ඇය දියවැලකට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
14
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38