පොලිස් ඇමතිගේ ලේකම් ලෙස වෙස්ගෙන පොලිසියට කෝල් කළ අයෙක් අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ලේකම්වරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහරගම පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් අයෙක් මහරගම පොලිසිය විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

හොරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙක් නිදහස් කරගැනීම සඳහා සැකකරු විසින් මෙලෙස පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුගේ ඥාතියෙක් වන අතර, ඔහුව නිදහස් කර ගැනීමට මෙලෙස ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ ලේකම් බව පවසමින් සැකකරු පොලිසියට දුරකථන ඇමතුම ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු එදිනම (08) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහුව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් පොලිසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදුනොකරන බවයි.

ඒ, අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ බව පවසමින් යම් අයෙකු අනීතික කටයුතුවල යෙදෙන්නේ නම් හෝ පොලිසිය ඇතුළු ආයතනවලට අයුතු බලපෑමක් සිදුකරන්නේ නම් එම පුද්ගලයින් සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?