පොලිස් ඇමතිගේ ලේකම් ලෙස වෙස්ගෙන පොලිසියට කෝල් කළ අයෙක් අත්අඩංගුවට

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ ලේකම්වරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහරගම පොලිස් ස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් අයෙක් මහරගම පොලිසිය විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

හොරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙක් නිදහස් කරගැනීම සඳහා සැකකරු විසින් මෙලෙස පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුගේ ඥාතියෙක් වන අතර, ඔහුව නිදහස් කර ගැනීමට මෙලෙස ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ ලේකම් බව පවසමින් සැකකරු පොලිසියට දුරකථන ඇමතුම ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු එදිනම (08) අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඔහුව ඇපමත නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අමාත්‍යවරයා හෝ අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩලයේ හෝ කිසිදු අයෙක් පොලිසිය විසින් සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් අයුතු බලපෑමක් හෝ අයුතු මැදිහත් වීමක් සිදුනොකරන බවයි.

ඒ, අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ නමින් හෝ අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ බව පවසමින් යම් අයෙකු අනීතික කටයුතුවල යෙදෙන්නේ නම් හෝ පොලිසිය ඇතුළු ආයතනවලට අයුතු බලපෑමක් සිදුකරන්නේ නම් එම පුද්ගලයින් සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසට දැනුම් දෙනවා.

  1. මෙය, දේසපාළු ගොට්ටෙක් රජය අපහසුතාවයට් පත්කිරීමට කල වැඩක් විය නොහැකිද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03