බස් රථයක් තුළ දී කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් – කාන්තාවකට බරපතළයි (වීඩියෝ)

බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ බස් රථයක් තුළ දී පුද්ගලයෙක් විසින් අද (09) පෙරවරුවේ කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

බණ්ඩාරවෙල සිට බදුල්ල ලබා ධාවනයවීමට නියමිතව තිබූ බස් රථයක් තුළ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පළායන අවස්ථාවේ දී බස්රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් ඔහුව අල්ලා කණුව බැඳ තිබෙනවා.

පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසියට පවසා ඇත්තේ පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුකළ බවයි.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල, ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි තැන්තියක් බවයි වාර්තා වුණේ.

තුවල් ලැබූ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, අනතුරුව ඇයව දියතලාව මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

දියතලාව මූලික රෝහලට මාරුකර යැවූ ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් බදුල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
18
+1
1
+1
6
+1
20
+1
4
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23