කසිප්පු බිබී බස් රථයක් ධාවනය කළ ලංගම රියදුරා නුවරඑළියේ දී අත්අඩංගුවට (වීඩියෝ)

වැලිමඩ සිට මීගමුව බලා ධාවනය වූ දිවුලපිටිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක රියදුරු නුවරඑළිය පොලිසිය මඟින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ සීතාඑළිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් බස් රථය නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ එහි රියදුරා අධික ලෙස බීමත්ව සිටින බවටයි.

අනතුරුව නුවරඑළිය පොලිසියේ නිලධාරියෙක් විසින් මගීන් සමඟ බස් රථය නුවරඑළිය නගරය වෙත රැගෙනවිත් පරීක්ෂා කිරිමේ දී, බස් රථයේ රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් (කසිප්පු) සහිත කෑන් එකක් සොයාගැනීමටයි හැකිව ඇත්තේ.

අනතුරුව රියදුරා නුවරඑළිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බස් රථය ධාවනය කරන අවස්ථාවේ වතුර පානය කරන මුවාවෙන් විටින් විට කසිප්පු පානය කරමින් රථය ධාවනය කර ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම අවස්ථවේ බස් රථය තුළ මගීන් 70කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර නුවරඑළිය ලංගම ඩිපෝවේ රියදුරෙකු යොදවා බස් රථය මීගමුව බලා පිටත්කර එවීමට නුවරඑළිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

07 scaled
03 scaled
05 scaled
06 scaled
02 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
5
+1
2
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57