අමුතු උපකරණයක් වෙරළට ගොඩගහලා

නිශ්චිතවම හඳුනාගැනීමට නොහැකි විශාල ප්‍රමාණයේ උපකරණයක් හලාවත වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව හලාවත පොලිසිය පවසනවා.

හලාවත, ඉරණවිල මාර්ගයේ පිහිටා ඇති වෙරළ ආරක්ෂක බලකායේ කඳවුරට ආසන්නයේ වෙරළට මෙම උපකරණය ගොඩගසා ඇති බව වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් දැක තිබෙන අතර මෙය අඩි 10-15ක් පමණ උසකින් යුතු බවයි පැවසෙන්නේ.

මෙම උපකරණය බෝයාවක් විය හැකි බව ඇතැම් පිරිස් පවසන අතර ඇතැමුන් පවසන්නේ මුහුදේ යාත්‍රා කරන නැව්වලට ගමන් මාර්ගය පෙන්වීම සඳහා යොදාගන්නා උපකරණයක් බවයි.

කෙසේ වෙතත් මෙම උපකරණය නිශ්චිතවම මෙතෙක් හදුනාගෙන නොමැත.

4f8befd5 8019 4e96 9eef 33597c86dd2d
41508a8c f263 4099 8131 c87122fd542b
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?