වයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සඳහන් කළාය.
මෙම මව රත්ගම, ගිණිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බව හඳුනාගෙන තිබේ.
ඇය මීට මාස දෙකක පමණ කාලයක සිට රෝගි තත්වයෙන් සිට ඇති අතර දියර ආහාර පමණක් ගෙන ඇත.
මිට දින දෙකකට පමණ පෙර මෙම මවට උණ රෝගය වැළදි ඇති අතර පසුගිය 22 වැනිදා නිවසේ දි මියගොස් ඇත.
මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි මියගිය මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවී තිබේ
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (23) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදුකරණු ලැබිය.
ඉදිරිපත් වු සාක්ෂි හා ටෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරිය කොවිඩ් නිව්මෝනියාවෙන් මරණය වි ඇති බවට තින්දු කර තිබේ.
රත්ගම – ලලිත් චාමින්ද