මෙරට ඉතිහාසයේ පැවති අධර්මිෂ්ඨම රජය ගැන කාදිනල් හිමි මතකය අවදිකරයි

මීට දශක පහකට පමණ පෙර බලයට පත් වූ දේශපාලන පක්ෂයක් මෙරට ධර්මිෂ්ඨ රජයක් කරන බවට ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ සඳහන් කළේ ඉතිහාසයේ පැවති අධර්මිෂ්ඨම රජය එය බවයි.

දිවුලපිටිය, මරදගහමුල ශාන්ත සෙබස්තියන් දේවස්ථානය අලුත්වැඩියා කර ආසිරි ගැන්වීමේ උත්සවයට අද (27) එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

ඔවුන්ගේ පාලන සමයේ දී නීතිය අවනීතිය බවට පත් කිරීමට කටයුතු කළ බවයි කාදිනල් හිමියන් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

මෙහිදී කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ දේශපාලන අරගලයකින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සකස් කළ නොහැකි බවත් ඒ සඳහා ආධ්‍යාත්මික අරගලයක් සිදුකළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
3
+1
91
+1
8
+1
7
+1
10
+1
18
Subscribe
Notify of
11 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?