ඉන්දියාවෙන් පිටුවහල් කළ කංජිපානිගේ සමීපතමයා ඇප මත මුදාහැරේ

ඉන්දියාවේ දී අත්අඩංගුව ගෙන, ඊයේ (24) දින අලුයම මෙරටට පිටුවහල් කළ, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ පුද්ගලයා ඊයේ දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතම අනුගාමිකයෙකු ලෙස සැකකරන,45 හැවිරිදි ” මොහොමඩ් මිහිලාර් මොහොමඩ් අර්ෂාඩ්” නමැත්තාව ඊයේ දින (24/07/2025) මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හි, අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය ඉදිරියට පමුණුවන ලැබූ මෙම සැකකරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

එහිදී සැකකරු හෙවත් විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ නෙල්සන් කුමාරනායක සහ දුලීෂා විජේසූරිය පෙනී සිටි අතර, නීතිඥ නෙල්සන් කුමාරනායක විසින් පෙන්වා දෙනු ලැබුවේ මෙම සැකකරු සම්බන්ධයෙන් යම් චෝදනාවක් ගොනු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් හෝ නොමැති බවයි.

ඔහු සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යක් හෝ නොමැති බවත් සැකකරුට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව රැඳවුම් නියෝග යටතේ තබාගැනීමට නීතිමය වශයෙන් ප්‍රතිපාදනයක් නොමැති බව ද නීතිඥවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඒ, අනුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මෙම සැකකරුව ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය එළඹෙන 28 වන දිනට කල් තැබුණා.

ඊයේ අලුයම 2.30ට පමණ කටුනායක ගුවන්තොටුපලේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ 13, ආදුරුප්පු වීදියේ පදිංචිකරුවෙක්.

ඔහු නීති විරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස ඊයේ (24) දින අලුයම ඉන්දියාවේ චෙන්නායි හී සිට ඉන්ඩිගෝ 6E – 1171 දරණ ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර ඒවා තිබුණා.

වාර්තා වන පරිදි මෙම පුද්ගලයා 2017 වසරෙදි ඩුබායි වෙත පලා ගොස් ඇති අතර, ඉන්පසු 2019 වසරේදී මාකඳුරේ මදූෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් කිහිපදෙනෙකුම ඩුබාහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව මෙම පුද්ගලයා ඉන්දියාවට පලා ගොස් ඇතැයි වාර්තා වනවා.

ඔහුගේ බිරිඳ සහ දරුවන් ඉන්දියාවේ සිටින බවත්, ඔවුන් සතුව වලංගු ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා පවතින බවත් වාර්තා වුණා.

එමෙන්ම මෙම පුද්ගලයා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව වලංගු වීසා සහ ගුවන් ගමන් බලපත්‍රයක් හෝ නොතිබුණු බවද වැඩිදුරටත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43