ඇමරිකාවෙන් බොරතෙල් ගේන්න සිපෙට්කෝව සැරසෙයි

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා සාකච්ඡා සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඇමරිකානු බොරතෙල් සැපයුම්කරුවන් කිහිපදෙනෙක් මේ වනවිටත් බොරතෙල් සාම්පල යොමුකර ඇති බවයි.

ඒවායේ තත්ත්වය පරීක්ෂාකර සාකච්ඡාවලින් අනතුරුව මෙරටට ගැලපෙන සැපයුම්කරුවන් ටෙන්ඩර් ක්‍රියාවලියට එක්කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ පියවරක් ලෙස ඇමරිකාවෙන් බොරතෙල් ගෙන්වීම සම්බන්ධයෙන් මෙලෙස අධ්‍යනය කරමින් සිටින බවයි කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව මේ වනවිට බොර තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපයේ ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
16
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?