ඇමරිකාවෙන් බොරතෙල් ගේන්න සිපෙට්කෝව සැරසෙයි

ඉන්ධන මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා සාකච්ඡා සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ ඇමරිකානු බොරතෙල් සැපයුම්කරුවන් කිහිපදෙනෙක් මේ වනවිටත් බොරතෙල් සාම්පල යොමුකර ඇති බවයි.

ඒවායේ තත්ත්වය පරීක්ෂාකර සාකච්ඡාවලින් අනතුරුව මෙරටට ගැලපෙන සැපයුම්කරුවන් ටෙන්ඩර් ක්‍රියාවලියට එක්කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ පියවරක් ලෙස ඇමරිකාවෙන් බොරතෙල් ගෙන්වීම සම්බන්ධයෙන් මෙලෙස අධ්‍යනය කරමින් සිටින බවයි කළමණාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව මේ වනවිට බොර තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපයේ ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
16
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36