සීතාට මල පන්නපු කබීර්ගේ කවිය

එදත් අදත් හෙටත් මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් අපි පෙනී සිටිනවායැයි සීතා අරඹේපොල රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී විපක්ෂය අමතා සහතිකයක් දී තිබේ

විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මන්ත්‍රීවරයා වෙත ඇඟිල්ල දික් කරමින් ආවේගයෙන් අදහස් ප්‍රකාශ කරමින් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ අද දවසේ කියන්නෙත් ඒ ටිකමයි , ඔබතුමා ඩොලර්වලට ඔය කතා කරන එක නවත්තලා මේ රටේ දියුණුවට තමුන්ගේ සහයෝගෙ දෙන්නෙ යයිද සඳහන් කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ ආවේගයෙන් අදහස් ප්‍රකාශ කළේ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ පැවැති විවාදයේදී කබීර් හෂීම් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරිය 2019 ඔක්තෝබර් මස 6 වැනි දින මාතර පැවති ජනාධිපතිවරණ රැස්වීමකදී කියපු කවියක් ඇයට යළිත් මතක් කර දීමත් සමගය.

එම රැස්වීමේදී ජාතිය ගැන , රට ගැන , දේශප්‍රේමය ගැන මතක් කරමින් එවකට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගෙන යා යුතු මඟ ගැන කතා කිරීමෙන් පසු රාජ්‍ය ඇමතිවරිය කියූ කවිය මන්ත්‍රීවරයා සභාවට ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ එම කවිය ඔබතුමියටත් , පොහොට්ටුවේ ඉන්න හැමෝටමත් අදාල බවය.

එම කවිය මෙසේය.

පිටකොඳු සිදින මිනිසෙකු ලෙස ඉන්න එපා 
සටනක් අග සිතන  එය මග හරින්න එපා 
පරගැති බසට රට උගසට දෙන්න එපා 
දේශය පනයි පණ නසලන්න ඉඩ දෙන්න එපා

එදා මෙම කවිය එවකට ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා රාජ්‍ය අමාත්‍යවරිය කිවූ බව මන්ත්‍රීවරයා සදහන් කර අතර ඒ සමගම ආවේගයට පත් රාජ්‍ය අමාත්‍යවරිය තමාට දෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි ඒ කවිය හරහා දුන්නේ යයිද ප්‍රකාශ කරන ලදී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09