මධ්‍යම අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් අයෙක් මරුට – හතකට තුවාල (වීඩියෝ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත් 07 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ 76.5 වන කිලෝමීටර් කණුව අසල දීයි.

කුරුණෑගල දෙසට යතුරුපැදි රැගෙන යමින් තිබූ ලොරි රථයක පිටුපස සුඛෝපභෝගී බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර අද (02) අලුයම් කාලයේ දී සිදු වුණා.

අනතුරින් මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි 52 හැවිරිදි බේරුවල – ලියනගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බේරුවල සිට කාත්තන්කුඩි දක්වා චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 23ක් පැමිණ ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47