ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 997ක තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කල්පිටිය නාවුක හමුදා කඳවුරේ නිලධාරින් විසින් මෙම සැකකරුවන් ව සිය භාරයට ගැනුණේ ඊයේ (01) කල්පිටිය – ඒත්තාල කලපු තීරයේ දීයි.
සැකකරුවන් වියළි ඉඟුරු තොගය දිවයිනට ගෙන ඒම සඳහා කුඩා ඩිංගි බෝට්ටු 03ක් ද යොදා ගෙන තිබියදී නාවික හමුදා භාරයට ගැනුණා.
එම බෝට්ටුවල පොලිතීන් මළු 33ක මෙම වියළි ඉඟුරු සඟවා තබා තිබියදී සොයා ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ඔවුන් වයස අවුරුදු 22,41 හා 49 යන වයස්වල පසුවන්නන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.





