වියළි ඉඟුරු කිලෝ 997ක් සමග තිදෙනකු නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 997ක තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය නාවුක හමුදා කඳවුරේ නිලධාරින් විසින් මෙම සැකකරුවන් ව සිය භාරයට ගැනුණේ ඊයේ (01) කල්පිටිය – ඒත්තාල කලපු තීරයේ දීයි.

සැකකරුවන් වියළි ඉඟුරු තොගය දිවයිනට ගෙන ඒම සඳහා කුඩා ඩිංගි බෝට්ටු 03ක් ද යොදා ගෙන තිබියදී නාවික හමුදා භාරයට ගැනුණා.

එම බෝට්ටුවල පොලිතීන් මළු 33ක මෙම වියළි ඉඟුරු සඟවා තබා තිබියදී සොයා ගැනුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනා කල්පිටිය, ආනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් වයස අවුරුදු 22,41 හා 49 යන වයස්වල පසුවන්නන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56