පොලීසියට බියේ දිව ගිය අයෙකුට අවාසනාවන්ත මරණයක්

පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් වැළකීම සඳහා දිවගිය පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේ.

මැදිරිගිරිය ට්‍රැක් 8, වැලිමංකඩ ප්‍රදේශයේ බූරු පොළක් පවත්වාගෙන යන බවට ලද රහසිගත තොරතුරක් අනුව පොලීසිය එහි ගොස් තිබෙනවා.

නිරෝදායන නීති ද නොසලකා මෙලෙස සූදු ක්‍රීඩා කර ඇති පිරිස 20කට අධික බව සඳහන්.

පොලිස් නිළධාරීන් ඒම ස්ථානය වැටලීමේදී බූරු පොළෙහි සිටි පිරිස සීසීකඩ විසිරී දිවගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ තිදරු පියා ද එහි සිට දිවගොස් ඇති අතර පසුව ඔහු ඒ ආසන්නයෙන් ගලා යන කවුඩුලුවැවේ වාන් ඇල මාර්ගයට වැටී ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ බිරිඳ, සිය සැමියා අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇති අතර, එම පැමිණිල්ලට අනුව සිදු කළ සෝදිසි කිරීමක දී එම පුද්ගලයාගේ මළ සිරුර වාන් ඇලේ තිබූ හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?