පොලීසියට බියේ දිව ගිය අයෙකුට අවාසනාවන්ත මරණයක්

පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් වැළකීම සඳහා දිවගිය පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ පුවතක් මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඔහු මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන්.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියෙක් බවයි මැදිරිගිරිය පොලීසිය සඳහන් කළේ.

මැදිරිගිරිය ට්‍රැක් 8, වැලිමංකඩ ප්‍රදේශයේ බූරු පොළක් පවත්වාගෙන යන බවට ලද රහසිගත තොරතුරක් අනුව පොලීසිය එහි ගොස් තිබෙනවා.

නිරෝදායන නීති ද නොසලකා මෙලෙස සූදු ක්‍රීඩා කර ඇති පිරිස 20කට අධික බව සඳහන්.

පොලිස් නිළධාරීන් ඒම ස්ථානය වැටලීමේදී බූරු පොළෙහි සිටි පිරිස සීසීකඩ විසිරී දිවගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී අදාළ තිදරු පියා ද එහි සිට දිවගොස් ඇති අතර පසුව ඔහු ඒ ආසන්නයෙන් ගලා යන කවුඩුලුවැවේ වාන් ඇල මාර්ගයට වැටී ඇති බව සඳහන්.

අදාළ පුද්ගලයාගේ බිරිඳ, සිය සැමියා අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදු කොට ඇති අතර, එම පැමිණිල්ලට අනුව සිදු කළ සෝදිසි කිරීමක දී එම පුද්ගලයාගේ මළ සිරුර වාන් ඇලේ තිබූ හමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්.."159 හුන්ඩුවට දාලා සේරුගාලා වන්ඩුදාලා තම්බලා ගන්න ඕනි"
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17