සිය නව හැවිරිදි දැරියට පොරවකින් පහර දී ඝාතනය කළ පියෙකු පිළිබඳ පුවතක් ඉන්දීය කරනවා.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ධාරාෂිව් ප්‍රදේශයේ දී මෙම ඝාතනය පසුගිය ඉරිදා දිනයේ සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම දැරිය එදින බයිසිකලයක් පදිමින් සිටියදී ඉන් වැටී ඇති අතර, ඊට කෝපයෙන් සිටි පියා විසින් දැරිය නිදා සිටිය දී පොරවකින් පහර දී ඝාතනය කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
සැකකාර පියා මෙම අපරාධය සිදුකරන අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී තිබෙනවා.
මේ අතර පොලිසිය පවසන්නේ ගෞරි නම් මෙම දැරිය නිතර නිතර අසනීප වූ අතර, ඊට ද ඇයගේ පියා වන ගයනේෂ්වර් ජාදව් කලකිරීමෙන් පසු වූ බවයි.
ඝාතනයෙන් පසු පැය 24ක් දැරියගේ පියා විසින් මෘත ශරීරය නිවස තුළ සඟවාගෙන සිට ඇති බවයි විමර්ශන සිදුකරන පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අපරාධය සිදුකළ සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.





