බම්බලපිටියේ බෝරා සමුළුව වීඩීයෝගත කළ සැකකාර සහරාන් නිදහස් කෙරේ

බම්බලපිටිය ප්‍රදේශයේ පැවති බෝරා සමුළුව වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පැය 72 ක් රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සිද්ධියෙන් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් ඔහු එසේ වීඩියෝ ගත කිරීමත් සිදුකර ඇත්තේ කිසියම් අපරාධ කටයුත්තකට නොවන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී කරුණු අනාවරණය වන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (30) කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියෝගය කළා.

රුක්මාල් මොහොමඩ් සහරාන් නමැති සැකකරුවෙකු එසේ මුදා හැරීමට නියම කෙරුණා.

සැකකාර පුද්ගලයා බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදු කර ඇති බවත් ඔහු යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කර ඇති බවට සැකපිට බම්බලපිටිය පොලිසිය පසුගිය 27 දා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව බම්බලපිටිය පොලිසිය මගින් සැකකාර පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමෙන් අනතුරුව ඔහු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?