බම්බලපිටියේ බෝරා සමුළුව වීඩීයෝගත කළ සැකකාර සහරාන් නිදහස් කෙරේ

බම්බලපිටිය ප්‍රදේශයේ පැවති බෝරා සමුළුව වීඩියෝ ගත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පැය 72 ක් රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සිද්ධියෙන් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

සැකකාර පුද්ගලයා රඳවා තබාගෙන ප්‍රශ්න කළ නමුත් ඔහු එසේ වීඩියෝ ගත කිරීමත් සිදුකර ඇත්තේ කිසියම් අපරාධ කටයුත්තකට නොවන බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී කරුණු අනාවරණය වන බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද (30) කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියෝගය කළා.

රුක්මාල් මොහොමඩ් සහරාන් නමැති සැකකරුවෙකු එසේ මුදා හැරීමට නියම කෙරුණා.

සැකකාර පුද්ගලයා බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදු කර ඇති බවත් ඔහු යම් අපරාධයක් සිදු කිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කර ඇති බවට සැකපිට බම්බලපිටිය පොලිසිය පසුගිය 27 දා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව බම්බලපිටිය පොලිසිය මගින් සැකකාර පුද්ගලයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දීමෙන් අනතුරුව ඔහු පැය 72 කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15