Update – සජබය මතුගම ප්‍රා.සභාවේ බලය පිහිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයෙන් සභාපති තනතුරට ඉදිරිපත් වූ කසුන් මුණසිංහ තේරී පත්ව තිබෙනවා.

එම තනතුර සඳහා ජාතික ජන බලවේගයෙන් ලලිත් ඉන්දික මන්ත්‍රීවරයා ඉදිරිපත් වූ අතර, සභාපති තෝරා පත්කර ගැනීමට පැවති ඡන්දයේ දී කසුන් මුණසිංහ ඡන්ද 19ක් ලබාගත් අතර, ලලිත් ඉන්දික ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13ක්.

ඒ, අනුව වැඩි ඡන්ද හයකින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මුණසිංහ අද (30) තේරී පත් වුණා.

විවෘත ජන්ද ක්‍රමය මඟින් මෙම තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

නිමා වූ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ දී මතුගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් 33 දෙනෙකු තේරී පත් වුණා.

ඒ, අනුව එම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය අද පෙරවරුවේ ආරම්භ වුණේ බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

සභාවාරය ආරම්භයේ දී යම් උණුසුම් තත්ත්වයක් හටගත් බවයි කළුතර දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

Update – Monday, June 30, 2025, 10.36 AM

මතුගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල සභා වාරය අද (30) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

එලෙස රැස් වූ මතුගම ප්‍රාදේශීය සභාවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
18
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?