Update – සජබය මතුගම ප්‍රා.සභාවේ බලය පිහිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයෙන් සභාපති තනතුරට ඉදිරිපත් වූ කසුන් මුණසිංහ තේරී පත්ව තිබෙනවා.

එම තනතුර සඳහා ජාතික ජන බලවේගයෙන් ලලිත් ඉන්දික මන්ත්‍රීවරයා ඉදිරිපත් වූ අතර, සභාපති තෝරා පත්කර ගැනීමට පැවති ඡන්දයේ දී කසුන් මුණසිංහ ඡන්ද 19ක් ලබාගත් අතර, ලලිත් ඉන්දික ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13ක්.

ඒ, අනුව වැඩි ඡන්ද හයකින් මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කසුන් මුණසිංහ අද (30) තේරී පත් වුණා.

විවෘත ජන්ද ක්‍රමය මඟින් මෙම තෝරා පත්කර ගැනීම සිදු කෙරුණා.

නිමා වූ පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ දී මතුගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් 33 දෙනෙකු තේරී පත් වුණා.

ඒ, අනුව එම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරය අද පෙරවරුවේ ආරම්භ වුණේ බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

සභාවාරය ආරම්භයේ දී යම් උණුසුම් තත්ත්වයක් හටගත් බවයි කළුතර දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

Update – Monday, June 30, 2025, 10.36 AM

මතුගම ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල සභා වාරය අද (30) පෙරවරුවේ ආරම්භ වුණා.

ඒ, බස්නාහිර පළාත්, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්.

එලෙස රැස් වූ මතුගම ප්‍රාදේශීය සභාවේ මේ වනවිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32