නීති විරෝධීව ගෙන්වූ සැප වාහන දෙකක් බණ්ඩාරගමින් අල්ලයි

නීති විරෝධීව මෙරට ගෙන්වා එකලස් කළ බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් සහ කැරවන් වර්ගයේ වෑන් රථයක් බණ්ඩාරගම ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වාහන දෙක කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතමයෙකුට අයත් බවයි අනාවරණය වී ඇත්තේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සැකකටයුතු වෑන් රථයක් බණ්ඩාරගම ආදර්ශ පටුමග ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත අදාළ වැන් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ සවිකර ඇති ලියාපදිංචි අංකයම හොරණ, මිල්ලනිය ප්‍රදේශයේ තවත් වාහනයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම රථය නීත්‍යානු ලෙස ලියාපදිංචි කර පරිහරණය කරන වාහනයක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් භාරයට ගත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයේ ඇති ලියාපදිංචි අංකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර ඇතුළත් කර සකස් කරන ලද්දක් බවට ද අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?