Update – දිනේෂ් 01 යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ගාලු වරායට (වීඩියෝ)

මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් මේ වනවිට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම අනතුරින් පසු තවමත් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනා සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තව දුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.

ධීවරයින් පස්දෙනෙකු සමඟ දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාව වානිජ්‍ය නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීයි.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් එම ධීවරයා ගොඩ බිමට රැගෙන ඒමෙන් පසු කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මේ අතර ගාල්ල ධීවර වරායට රැගෙන ආ අදාළ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත යොමුකර තිබෙනවා.

ගොඩබිම සිට නාවික සැතපුම් 20 කට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එම කලාපයවෙළෙඳ නෞකා බහුලව ගමන් ගන්නා ප්‍රදේශයක් බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.

මේ අතර ධීවර යාත්‍රාවේ ගැටුණු බවට විශ්වාස කරන වෙළඳ නෞකාව හඳුනාගැනීම සඳහා තාක්ෂණික වශයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?