Update – දිනේෂ් 01 යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ගාලු වරායට (වීඩියෝ)

මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ සිටි මියගිය ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් මේ වනවිට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ මෙම අනතුරින් පසු තවමත් අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනා සොයා නාවික හමුදාව සහ ගුවන් හමුදාව තව දුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.

ධීවරයින් පස්දෙනෙකු සමඟ දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) පස්වරුවේ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාව වානිජ්‍ය නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී කාලයේදීයි.

මෙම අනතුරින් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් දිවි ගලවා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් එම ධීවරයා ගොඩ බිමට රැගෙන ඒමෙන් පසු කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණා.

මේ අතර ගාල්ල ධීවර වරායට රැගෙන ආ අදාළ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත යොමුකර තිබෙනවා.

ගොඩබිම සිට නාවික සැතපුම් 20 කට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, එම කලාපයවෙළෙඳ නෞකා බහුලව ගමන් ගන්නා ප්‍රදේශයක් බවයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.

මේ අතර ධීවර යාත්‍රාවේ ගැටුණු බවට විශ්වාස කරන වෙළඳ නෞකාව හඳුනාගැනීම සඳහා තාක්ෂණික වශයෙන් කටයුතු සිදුකරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08