දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු මේ සොයාගෙන ඇති බව නාවික හමුදාව තහවුරු කළා.
අතුරුදන්ව සිටින අනෙක් ධීවරයින් දෙදෙනාගේ සිරුරු සොයා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.
දෙවුන්දර වරායෙන් ඊයේ (27) පස්වරුවේ ධීවරයින් පස්දෙනෙකු සමඟ මුහුදු ගිය දිනේෂ් 01 ධීවර යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්ව තිබුනේ රාත්‍රී කාලයේයි.
එහිදී එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු මුදාගෙන ඇති අතර අනෙක් ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව තිබුණා.
දිවි ගලවාගත් ධීවරයා නාවික හමුදාව විසින් ගොඩ බිමර රැගෙන ඒමෙන් පසු ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කෙරුණා.
ගොඩබිම සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.















