Update – අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් බේරාගන්න ගුවන් හමුදාවෙන් යානා දෙකක්

දෙවුන්දර ධීවර වරායෙන් සහ මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගොස් අනතුරට ලක් වූ ධීවර යාත්‍රා දෙකේ සිටින ධීවරයින් මුදාගැනීම සඳහා බෙල් 412 හෙළිකොප්ටර් යානක් සහ වයි 12 ගුවන් යානාවක් යෙදවීමට ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක වාණිජ නෞකාවක ගැටී එක අනතුරක් ඊයේ රාත්‍රියේ සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි ධීවර කාර්මිකයින් 05 දෙනෙකු සිට ඇති අතර, ඉන් සිව්දෙනෙක් මේ වනවිට අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ.

එක් ධීවරයෙක් වෙනත් ධීවර යාත්‍රාවක් විසින් මුදාගෙන තිබෙනවා.

මේ අතර මොරගල්ල ප්‍රදේශයේ දී ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළී එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ධනුෂා මැරීන් නැමැති ධීවර බෝට්ටුවේ ගමන් කළ අලුත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19