ධීවර යාත්‍රාවක නැවක් ගැටී අනතුරක් – ධීවරයින් 04ක් අතුරුදන්

ධීවර යාත්‍රාවක් නැවක ගැටී සිදු වූ අනතුරකින් ධීවරයින් 04 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් ඊයේ (27) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ ධීවර යාත්‍රාවේ ධීවරයින් පස්දෙනෙක් සිට ඇති අතර, එක් ධීවරයෙන් බේරාගැනීමට වෙනත් යාත්‍රාවක සිටි පිරිසක් කටයුතු කර තිබෙනවා.

අතුරුදන් වූ එම ධීවරයින් සිව්දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදා මෙහෙයුම් යාත්‍රාවක් සහ තවත් ධීවර යාත්‍රා කිහිපයක් එක්ව සිටින බයි වාර්තා වුණේ.

ගොඩබිම සිට සැතපුම් 20කට ආසන්න මුහුදේ මෙම අනතුර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?