පවුල් ආරවුලක් සමතයකට පත්කර ගැනීමට ඇල්ල පොලිස් ස්ථානය වෙත බිරිඳ සමඟ පැමිණි සැමියා පොලිස් ස්ථානය තුළ දී වස පානය කර තිබෙනවා.
එලෙස වස පානය කර ඇති සැමියා රෝහල් ගතකළ බවයි ඇල්ල පොලිසිය සඳහන් කළේ.
20 හැවිරිදි වියේ පසුවන මෙම යුවළ අද (27) දහවල් ඇල්ල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය පැමිණ ඇත්තේ පවුල් ආරවුලක් සමතයකට පත්කර ගැනීමේ අරමුණින්.
එහිදී බිරිඳ විසින් සැමියාගෙන් දික්කාසාද විය යුතු බව පවසා ඇති අතර, එම අවස්ථාවේ දී ඔහු ළමා හා කාන්තා කාර්යාංශයෙන් පිටතට පැමිණ සිය යතුරුපැදියේ සඟවා තිබූ බීම බෝතලයක වූ වස වර්ගයක් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එලෙස රෝහල ගතකළ පුද්ගලයාගේ තත්ත්වය බරපතළ වූ බැවින් ඔහුව බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මරුකර යැවීමටයි කටයුතු කර ඇත්තේ.





