ටියුෂන් පන්තියේ සටහන් පොත පාසල් ගුරුවරයාට පෙන්වූ වරදට මූණ රතුවෙන්නම ගහලා

ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම පාසලේ පරිගණක තාක්ෂණික විෂය භාර ගුරුවරයා විසින් තැළුම් පහර සිටින සේ එල්ල කරන ලද පහරදීමකින් එම ශිෂ්‍යයා මේ වනවිට (26) මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමේ සිදුවීමක් වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින භවන්ත ජනිත් පවිත්‍රාරච්චි නමැති සිසුවාට අදාළ විෂයය භාර ගුරුවරයා මෙලෙස අමානුෂික ලෙස පහරදී ඇති බවත් තුවාලකරුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලින් පසුව මහනුවරට මාරු කර යවා ඇති බවයි.

පහරකෑමට ලක් වූ සිසුවා මාස දෙකකට ආසන්න කාලයක් පාසල් නොපැමිණි බවත්, ඔහු එම කාලය තුළ විෂය බාහිර පන්තිවලට ගොස් ඇති බවත්, සිසුවා ජුනි 23 වැනිදින යළිත් පාසලට ගිය විට දී ගුරුවරයා පැමිණ සටහන් පොත පරීක්ෂා කිරීමට ඉල්ලා තිබෙනවා.

එහිදී එම සිසුවා විසින් ගුරුවරයාට ඉදිරිපත් කර ඇත්තේ, බාහිර පන්තිවල ලියූ සටහන් පොත බවයි පහරකෑමට ලක් වූ සිසුවා පවසා ඇත්තේ.

එම අවස්ථාවේ දී කෝපයට පත් වූ විෂයය භාර ගුරුවරයා පොත විසිකර දමා සිසුවාගේ මුහුණට පහරවල් කිහිපයක් ගසා තිබෙනවා.

පහරකෑමෙන් සිසුවාගේ මුහුණේ උඩු කොටස ඉදිමී තුවාල සිදු වී ඇති අයුරුත් අප වාර්තාකරුගේ කැමරා කාචයේ සටහන් ව තිබෙනවා.

පසුව ශිෂ්‍යයා සිදුවීම සමබන්ධයෙන් ගිනිගත් හේන පොලිසියට ද පැමිණිලි කර රෝහල්ගත වීමට පැමිණි අවස්ථාවේ දී පාසලේ ගුරුවරු තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් පොලිසිය අසලට පැමිණ තමන්ව බලෙන් ම රථයට නංවාගෙන යළිත් පාසල කරා පැමිණ මෙම සිදුවීම පොලිසියට පැමිණිලි නොකරන ලෙසට ද ඉල්ලා සිටි බවත් ශිෂ්‍යයා පවසා සිටිනවා.

මේ වනවිට තමන්ට ශ්‍රවණාබාධයක් ඇති ව තිබෙන බවත් සිසුවා පවසා තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් සිදු කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ අදාළ සිසුවා සහ තවත් සිසුන් කිහිපදෙනෙකු මාස දෙකක පමණ කාලයක් පාසල් නොපැමිණීම හේතුවෙන් විෂයය භාර ගුරුවරයා විසින් එම සිසුන්ට තරයේ අවවාද කර ඇති බවයි.

කෙසේවෙතත් අදාළ පහරකෑමට ලක් වූ සිසුවා සිය මුහුණුපොතේ ද තමන්ට ගුරුවරයෙකු විසින් අමානුෂික අන්දමින් පහර දුන් බව සටහන් කරමින් පෝස්ටුවක් ද පළ කර ඇතැයි ගිනිගත් හේන පොලිසිය පවසා තිබෙනවා.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුව් කරුණු වාර්තා කරන බව ද ගිනිගත්හේන පොලිසිය වැඩිදුරටත් සනාථ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
11
+1
4
+1
4
+1
5
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03