අමෙරිකානු ප්‍රහාරවලින් න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි හානි වූ බව ඉරානය පිළිගනියි

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් අමෙරිකාව විසින් තම රට වූ ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි ලෙස අලාභ හානි සිදු වූ බව ඉරානය පළමු වරට පිළිගෙන තිබෙනවා.

‘ද හින්දුස්තාන් ටයිම්ස්’ වෙබ් අඩවිය සිදු කර ඇති සජීවී යාවත්කාලීන කිරීම් අනුව ඉරානයේ නටාන්ස්, ෆෝඩෝව් සහ ඉස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට මෙලෙස හානි සිදු ව ඇති බවට ඉරානය පිළිගෙන ඇති බවයි.

පසුගිය සති අන්තයේ දී බංකර්-බස්ටර් බෝම්බ හෙළීම සඳහා එක්සත් ජනපද හමුදාව ඔවුන්ගේ B-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා යොදවා ගත්තා.

ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි අල් ජසීරා පුවත් වෙත තහවුරු කළේ, “අපගේ න්‍යෂ්ටික ස්ථාපනයන්ට දැඩි ලෙස හානි සිදුවී ඇති බව නිසැකයි” යනුවෙන්.

කෙසේ වෙතත්, න්‍යෂ්ටික පහසුකම්වල හානිය හෝ තත්ත්වය පිළිබඳ වැඩිදුර විස්තර වෙත යාම ඔහු ප්‍රතික්ෂේප කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56