මැදපෙරදිග කලාපයේ වාතාවරණය ගැන යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්

මැදපෙරදිග කලාපයේ මේ වන විට (ජුනි 25) උද්ගතව ඇති උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් පූර්ව සූදානමක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සිය අවධානය යොමු කර තිබෙනවා.

ඒ අනුව, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක් විය හැකි සියලු ක්ෂේත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනයන් සිදු කර, අමාත්‍ය මණ්ඩලය වෙත අවස්ථානුකූලව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවට සහාය වීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබූ බවයි රජය පවසන්නේ.

එම කමිටුවේ සභාපති ධුරය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ට හිමි ව තිබෙනවා.

ඊට අමතර ව කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, සමන්ත විද්‍යාරත්න (වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය), වසන්ත සමරසිංහ (වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය) හා බලශක්ති අමාත්‍ය ලෙස කටයුතු කරන කුමාර ජයකොඩි යන අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10
Video thumbnail
Kasthirama | "අපරාධ මර්දනය, නීතිය සහ භීතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:38:47
Video thumbnail
තහනම් නීතියට පිපුණු මල් කොටු කළ මෙහෙයුම..දෙවියනේ..හොයාගන්න තියා හිතන්නවත් බෑ..
03:40
Video thumbnail
ගජරාමෙට පෙරූ නීතී විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
01:25
Video thumbnail
ලොරියක් ප්‍රපාතයකට පෙර#මෙන් රියදුරු රෝහලට.."එකෙක් උදව් කරන්නේ නෑනේ"
02:13
Video thumbnail
සංවිධානත්මක අපරාධකරුවන් සඳහා නව නීතියක් එළියට..නීතිය මදියි ඒකයි මෙයාලා මෙච්චර දඟලන්නේ
03:08


?