වළල්ලාවිට ප්‍රාදේශීය සභාවත් මාලිමාවට

මෙවර පළාත් පාලන මැතිවරණය කළුතර දිස්ත්‍රික්කය වළල්ලාවිට ප්‍රාදේශීය සභාව පිහිටුවීම අද (25) උදෑසන බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගි කල්හාරි ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් මීගහතැන්න පිහිටි වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ දී සිදු කෙරුණා.

සමස්ත මන්ත්‍රී ධුර 26කින් සමන්විත වලල්ලාවිට ප්‍රාදේශීය සභාව සඳහා සභාපති ධුරය සඳහන් නම් තුනක් යෝජනා වූ අතර ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සුනිල් අබේසිරි මහතාගේ නම යෝජනා වූ අතර, සමගි ජනබලවේගයෙන් සභාපති ධුරය සඳහා ඉන්දික මල්ලවආරච්චි මහතාගේ නම ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව පක්ෂයෙන් උදේනි අතුකෝරාල මහතාගේ නම ද යෝජනා වූ බවයි වාර්තාකරු පැවසුවේ.

සභාපති ධුරය තෝරා ගැනීම සඳහා විවෘත ජන්ද ක්‍රමයට මෙන්ම රහස් ඡන්ද ක්‍රමයට යෝජනා දෙකක් ඉදිරිපත් වූ බැවින් පනතේ ප්‍රකාරව සභාපති ධුරය සඳහා රහස් ඡන්දය යොදා ගැනීමට කොමසාරිස්වරිය කටයුතු කළා.

පැවති රහස් ඡන්දයෙන් ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාා මනාප 16 ලබාගත් අතර, සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මනාප 5ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා ලබාගත්තේ ඡන්ද තුනක් පමණයි.

ඒ අනුව මනාප 16ක් ලබා ගත් ජාතික ජනබලවේග අපේක්ෂක සුනිල් අබේසිරි මහතා වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56