මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වගකීම හර්ෂණ නිර්භීතව භාරගත්තා – නියෝජ්‍ය ඇමති අනිල්

නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී අභියෝගාත්මක තනතුරක් වන මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරයේ වගකීම ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම නිර්භීතව භාරගත් බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත පවසනවා.

කොළඹ දී අද (21) උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් සහ හැකියාව ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමට ඇති බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වීම පිළිබඳ දඔහු මෙහිදී අදහස් පළ කළා.

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.

ඔහුගේ අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇති බව සඳහන්.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය භාරගැනීම වෙනුවෙන් ඔහු මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
8
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23