අන්තවාදී පන්ති පැවැත් වු තවත් පුද්ගලයෙක් TID අත්අඩංගුවට

මුර්තූර් සහ ඔලුවිල් යන ප්‍රදේශවල අන්තවාදී පන්ති පැවැත් වූ තවත් පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාම් හෂිම්ගේ මෙහෙයවීම යටතේ 2018 වසරේ සැකකරු විසින් එම ප්‍රදේශවල අන්තවාදි පන්ති පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය  පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

සැකකරු මාවනැල්ල, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් සහිම් නමැති පුද්ගලයෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් ඇති අතර ඔහු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනිමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අන්තවාදි පන්ති සංවිධාන කළ පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17