මිලට ගත් පාන් ගෙඩිය කපද්දි මතු වුණු බීඩි කොටය – බේකරි හිමියාට දඩ

වෙළෙඳසැලකින් මිල දී ගත් පාන් ගෙඩියක් තුළ බීඩියක කොටසක් තිබීම හේතුවෙන් එම බේකරි හිමියාට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ වැලිගම – වැලිපිටිය ප්‍රදේශයේ වෙළෙඳසැලකින්.

වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් වෙලේවත්ත ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ සිදු කෙරුණා.

එම පාන් ගෙඩිය නිෂ්පාදනය කළ අදාළ බේකරි නිෂ්පාදකයා හඳුනාගැනීමෙන් අනතුරුව එම සැකකරු මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

වැලිපිටිය – කොළේදණ්ඩ ප්‍රදේශයේ පිහිටි වයස අවුරුදු 44ක් පමණ වන බේකරි හිමියාට අධිකරණය මගින් දැඩි ලෙස අවවාද කර සැකකරුට එරෙහිව රුපියල් 3000ක දඩ මුදලක් ද නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?