අට හැවිරිදි පුතාට ‘යකඩ මිටියකින් පහරදී’ සපා කෑ නරුම තාත්තා

අවුරුදු අටක පුතාට කෘර ලෙස වධ හිංසා කළ බව කියන පියකු අත් අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය සඳහන් කළා.

දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දරුවාගේ මව බාල දරුවා ද රැගෙන මොවුන් අතහැර දමා ගොස් ඇති බව ද පොලිසිය පවසනවා.

පියා විසින්  යකඩ මිටියකින්, මේසන් හැන්දකින් පහරදී සපා කෑ බව එම දරුවා පොලිසියට සඳහන් කළා.

ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්