ජාතික සත්ත්ව සංගණනයට කෝටි ගාණක් වැය වූයේ නැහැ – සත්ත්ව සංගණන වාර්තාවත් එළියට

මෙම වසරේ මාර්තු මස 15 වැනි දින දිවයින පුරා සිදු වූ ජාතික සත්ත්ව සංගණනයට වැය වූ වියහියදම් පිළිබඳ ව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ පැතිරෙන බවත්, ඒ හේතුවෙන් ඊට අදාළ ව නිශ්චිත ව කොපමණ මුදලක් මෙම ජාතික කර්තව්‍යයට වැය වූ බව මහජනතාවට දැනුම්දිය යුතු බැවින් ඒ පිළිබඳ ව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබෙනවා.

අද (12) දහවල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක දී, කෘෂිකර්ම තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසුවේ ඉතාමත් අවම මුදලකින් ප්‍රතිඵල සාර්ථක ව ලබා ගැනීමට මෙම සත්ත්ව සංගණනයට හැකි වූ බවයි.

ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල සඳහන් වන පරිදි කෝටි ගණනක මුදල් වැය නොවූ බවත්, විශේෂ කමිටුවක් පත් කර, ඒ සමග සාකච්ඡා කර, වැඩි ගුණාත්මකභාවයක් සහ අඩු වියදමකින් මෙම කර්තව්‍යය සිදු කළ බවයි හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් ම ජාතික සත්ත්ව සංගණනයට මුදල් වැය වූයේ අදාළ සංගණන පත්‍රිකා මුද්‍රණය කිරීමට හා ඒවා දිවයින පුරා බෙදාහැරීමට පමණක් බව ද කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂවරයා පැවසුවා.

මිලියන 07ක සංගණන පත්‍රිකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සහායෙන් මුද්‍රණය කරගත් බවත්, ඒ වෙනුවෙනු රුපියල් විසිහතර ලක්ෂ හැත්තෑ අටදහසක මුදලක් වැය වූ බවත්, එක් පත්‍රිකාව මුද්‍රණයට වැය වී ඇත්තේ ශත 30ක මුදලක් බව ද කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂවරයා අදාළ චෙක්පත් ඉන්වොයිස් ඇතුළත් ලිපි ලේඛන මගින් පෙන්වා දුන්නා.

මෙම පත්‍රිකා දිවයින පුරා බෙදා හැරීමට වාහන 04ක් යෙදූ බවත් ඒවායේ ඉන්ධන සඳහා රුපියල් විසිහත් ලක්ෂ දහසය දහස් තුන්සිය දාහතරක් නැතහොත් මිලියන 2.7ක මුදලක් වැය වූ බවත්, බොහෝ අවස්ථාවල ඇතැම් බස් රථ හිමියන් සහ රියදුරන් මෙම පත්‍රිකා බෙදා හැරීමට නොමිලේ උදව් දීම සම්බන්ධයෙන් ද මෙහිදී හේමන්ත අමරසිංහ මහතාගේ ප්‍රශංසාවට ලක් වුණා.

මේ අතර වනසතුන්ගෙන් සිදු වන හානි ගැන විවිධ පැමිණිලි ලැබුණ ද, ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ යොමු වීම මත මෙම විශේෂ සංගණනය පැවැත්වූ බවත්, එහිදී අරමුණ වූයේ ආහාර බෝග වගාවන්ට සිදු වන වනසත්ත්ව හානිය අවම කිරීමට මෙම සතුන් කළමනාකරණයට ගත යුතු ක්‍රියාමාර්ග හා නිර්දේශ ඉදිරිපත් කිරීම බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චිත්‍ර නයනා මහත්මිය පැවසුවා.

එබැවින් ජනතාවට සහ නිලධාරීන්ට පහසු මෙන් ම අඩු වියදමක් සහිත වැඩි ප්‍රතිඵල දෙන ක්‍රමවේදයක් පත් කරන ලද විශේෂ කමිටුව මගින් සාකච්ඡා කර මෙම සත්ත්ව සංගණනය සිදු කළ බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර මෙම වසරේ සිදු කළ ජාතික සත්ත්ව සංගණනයේ දී වාර්තා වූ ආහාර බෝගවගාවලට හානි කරන සතුන්ගේ වාර්තාව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණා.

ඒ අනුව මෙරට තුළ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් රිලවු මිලියන 5.71ක්, වඳුරන් මිලියන 1.74ක්, දඬු ලේනුන් මිලියන 2.26ක් සහ මොනරුන් මිලියන 4.24ක් සිටින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38