විනෝද චාරිකාවකට එක් වූ පිරිසක් රැගත් සුඛෝපභෝගී ජීප් රියක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම අනතුර ඊයේ (10) සිදු ව ඇත්තේ බලංගොඩ – නන්පෙරියල් ප්‍රදේශයේ දී බවයි.
නන්පෙරියල් ප්‍රදේශයේ හරහා ලෝකාන්තය පාමුල තිබෙන බේකර්ස් බෙන්ඩ් නැරඹීමට ගිය ජීප් රියක් මෙලෙස අනතුරට ලක් ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට බලංගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ජීප් රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් සමනලවැව පොලිසිය විමර්ශන සිදු කරනවා.













