වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි අඩි 09ක් පමණ දිගැති කිඹුලෙකු ඊයේ(05) අල්ලා ගත් බව වවුනියාව වනජීවී කාර්‍යාලය පවසනවා.
කොක්එළිය ප්‍රදේශයේ ගෙවත්තකට කිඹුලෙකු පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත වනජීවියෙන් පැමිණ කිඹුලා කඹ දමා අල්ලාගෙන තිබෙනවා.
ආහාර සොයාගෙන මෙම කිඹුලා පැමිණෙන්නට ඇතැයි සැක පළ කරන බවයි වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ.
කෙසේවෙතත් අල්ලා ගත් කිඹුලා ප්‍රදේශයේ ජල පෝෂක රක්ෂිතයකට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1















