රටට හොරෙන් ඇතුල් කරගත් කන්ටේර්නර්වල තිබ්බේ ප්‍රභාගේ අවි ද? – අර්චුනා හෙළි කරයි (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

මෙරටට පරීක්ෂාවකින් තොරව ඇතුල්කර ගත් කන්ටේනර් බහාලුම්වල ඇත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවි ආයුධ බවටයි මන්ත්‍රීවරයා අද (05) පාර්ලිමේන්තු සභා වාරයේ අදහස් පළ කළේ.

2009 යුද කාලයේ දී යුද්ධයට අවශ්‍ය අවි ආයුධ තොගයක් මෙරටට ගෙන්වීමට නොහැකිව ඒවා, තායිලන්තයේ සිර වී තිබූ බවත්, එම තොගය මෙලෙස කන්ටේනර් මගින් රට තුළට මුදා හැර ඇති බව ද රාමනාදන් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ජර්මනියේ සිටින ඩයස්පෝරා සාමාජිකයින් සමග ජනපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමට පෙර හමු වී සාකච්ඡා පැවැත්වූ බවත්, මෙරට තුළ සිදු කළ නොහැකි ඇතැම් ක්‍රියා සිදු කරන බවට ජනපතිවරයා පොරොන්දු වී ඇති බවට තමා දන්නා ඩයස්පෝරා සාමාජිකයින් දැනුම්දී ඇති බවත්, මේ ගැන සමාජයේ ද කතාබහක් නිර්මාණය වී ඇති බවත් අර්චුනා මහතා පැවසුවා.

තමන් මෙම කරුණු වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
14
+1
5
+1
2
+1
1
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17