තත්ත්වය බරපතළයි – ජාතික රෝහලේ හදිසි අනතුරු ස්කෑන් නවතියි

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව වාර්තා වුණා.

විකිරණවේදීන් 13දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇති බව සඳහන්.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා පවසන්නේ මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් වෛරසයට ගොදුරු වී ඇති බවයි.

ඉන් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දෙනවා.

ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද ආසාදිත වී ඇති බවයි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ 50%ක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය යටතේ එය තව දුරටත් බරපතළ ගැටළුවක් බවට පත් වෙමින් පවතින බවත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම රජයේ සේවයේ ගැබිණි මවුවුරුන් සේවයට නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව ඇති පසුබිමක පොලොන්නරුව ‍රෝහලේ සේවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර ඇති බව ද ඔහු අනාවරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09