KDU වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම නතර කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් (වීඩියෝ)

කොතලාවල වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කිරීම නතර කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින නවක සිසුන්ගේ දෙමාපියන්, ඉගෙනුම ලබමින් සිටින දරුවන්ගේ දෙමාපියන් සහ රජයේ එම තීන්දුවට එරෙහි පිරිසක් විසින් ඊයේ (29) පස්වරුවේ මෙම පැමිණිල්ල මානව හිමිකම් කොමිසම වෙත සිදු කර ඇති බවයි දසත ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කර සිටියේ, මෙම තීන්දුව අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් ගනු ලැබුවේ කුමන පදනමක් මත ද යන වගයි.

කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීම නතර කර දැමුවේ කිසියම් විශේෂඥ කමිටුවක බලපෑමක් මත දැයි ද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා අගමැතිනියගෙන් ප්‍රශ්න කර සිටිනවා.

මෙරට තුළ ඇති රජයේ විශ්වවිද්‍යාලවලට සෑම දරුවෙකුට ම ඇතුළත් වීමට නොහැකි නිසා, බොහෝ දෙමාපියන් තම දේපොළ හෝ විකුණා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට හෝ ඇතුළත් කර දරුවන්ට ඉගැන්වීමේ ප්‍රයත්නය මෙලෙස වත්මන් රජය විසින් වළක්වා දැමීම නුසුදුසු බවයි අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
3
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22